දියවඩන නිලමේ නිලවරණය පැවැත් වෙන්නේ මෙදාට, දිනය තීන්දුයි

Report

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය ලබන නොවැම්බර් මස 7 වන දින හෝ ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව වර්තමානයේ සිටින දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

එබැවින් නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම මෙම වසරේ නොවැම්බර් මස 7 වන දින හෝ ඒ ආසන්න දිනයක පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව වාර්තා වේ.

මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්

මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්

වර්තමානයේ ධූරයේ හිඳින දියවඩන නිලමේවරයා 2005 වසරේ දී එම ධුරයට පත්ව ඇත. අනතුරුව අවස්ථා 02 කදීම ඔහු දියවඩන නිලමේවරයා වශයෙන් ජන්දයෙන් තේරී පත්ව තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය වසර 10ක් වේ.

මේ අතර ඊයේ දින දියවඩන නිලමේ ධුරය පිළිබඳව සිදු කෙරෙන අපහාසාත්මක සංවාද හා එමගින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදුවන හානිය පිළිබඳව දැනුවත් කරමින් මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් මඟින් නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඉන්දියාව අතට අත දුන්නැති තරහට පාකිස්තානය අද තරගයට එන්නැල්ලු

ඉන්දියාව අතට අත දුන්නැති තරහට පාකිස්තානය අද තරගයට එන්නැල්ලු

අද තමයි දවස, මේ ලග්නවල අය අද කට පරිස්සම් කර නොගත්තොත් වෙන්නේ මේකයි

අද තමයි දවස, මේ ලග්නවල අය අද කට පරිස්සම් කර නොගත්තොත් වෙන්නේ මේකයි