"ලහිරු කුමාරට ලකුණු නවත්වන්න තිබුණා" තරගයෙන් අනතුරුව කණ්ඩායමේ නායක දසුන් කියූ කතාව

sri lanka sri lanka cricket South africa dasun shanaks lahiru kumara
By Sithumi Oct 31, 2021 10:00 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ පැවති මූලික වටයේ තරඟය අවසන් වූයේ තියුණු තරඟයකින් අනතුරුව දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය අත්කර දෙමිනුයි. තරඟයේ වීරයා වශයෙන් විශිෂ්ට දඟ පන්දු යැවීමක් සටහන් කර ශ්‍රී ලංකා කඩුලු 3ක් ලකුණු 17ක් තුළ බිඳ හෙලූ තබ්රායිස් ශැම්සි නම් කෙරුණා. 

තරඟයෙන් අනතුරුව ශැම්සි මෙන්ම ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පහත පරිදි තම අදහස් එක් කළා,

පරාජිත ශ්‍රී ලංකා නායක දසුන් ශානක

“එම ලකුණු සංඛ්‍යාව ලහිරු කුමාරට නවතන්න තිබුණා. ඔහු යෝකර් පන්දු යැව්වා නම් මම හිතනවා එම ලකුණු 15 නවත්වන්න තිබ්බා කියලා. පීඩනය යටතේ දකුණු අප්‍රිකානු ක්‍රීඩයකයන් හොඳින් ක්‍රීඩා කළා. 

අපිට වනිඳුව අවසන් පන්දුවාර වල ක්‍රීඩා කරවන්න තිබුණත් ඊට කලින් අපි ඔහුව යොදා ගත්තා. නිස්සංක ගේ ඉනිම විශිෂ්ට ඉනිමක්. ඔහු හොඳ අනාගතයක් පෙන්නුම් කරනවා. මේක අපිට අමාරු අවස්ථාවක්. හැබැයි අපි දිගටම සටන්කාමී විදිහට ක්‍රීඩා කරනවා.”

ජයග්‍රාහී දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා 

 “මගේ හිතේ තිබෙන දේ කියන්න මේ මොහොතේදී අමාරුයි. අපිට තරඟය ජයග්‍රහණය කරන්න අමතර දෙයක් කළ යුතුව තිබුණා. ඩේවිඩ් මිලර් මෑතකදී මේ වගේ ක්‍රීඩා කලේ නෑ. ඔහු අවශ්‍යම මොහොතේදී ක්‍රියාත්මක වුණා. ශම්සි අපිට ඉන්න වටිනාම ක්‍රීඩකයෙක්.

ඔහු අවශ්‍ය මොහොතේදී ඉතාමත්ම ප්‍රයෝජනවත්. මම ඉනිමේ මැද භාගයේදී පීඩනය වැඩි කලා. එහි වගකීම මම භාරගන්නවා. මම දැවී ගිය පහර හොඳින් එල්ල කළත් එය අවශ්‍ය පරිදි ඇදී ගියේ නෑ.”


තරඟයේ වීරයා තබ්රායිස් ශැම්සි “

මේ විස්සයි විස්ස ලෝක කුසලානයකදී මම ලබාගත්ත පළවෙනි තරඟයේ වීරයා සම්මානය. 

මේක මට විශේෂ මොහොතක්. නමුත් තරඟයේ ජයග්‍රහණය වෙනුවෙන් රබාඩා, නෝකියේ, මක්රම් සහ මිලර් හටත් ගෞරවය හිමි විය යුතුයි. පසුගිය තරඟ වලදී බලාපොරොත්තු වුන දක්ෂතා දක්වන්න මට හැකියාව නොලැබුණත් මෙම තරඟයේදී නැවත රිද්මයට අවතිර්ණ වීමට ලැබීම වැදගත්. 

ශ්‍රේණිගත කිරීමේ අංකය කියන එක මට එච්චර වැදගත් නෑ. අවශ්‍ය දේ කරලා තරඟය ජයග්‍රහණය කිරීමයි වැදගත් වන්නේ. අපිට ලෝකයේ ඉන්න හොඳම පන්දු යැවීමේ බලඇණියක් ඉන්නවා. ඒ ගැන සතුටුයි.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now