දසුන්, අසලංක, අවිශ්ක ලංකාවට ඇවිත් පාන්දරම කරපු දේ
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06) ශ්‍රී ලංකාවට පැමිණියා.
එමිරේට්ස් ගුවන් සේවයේ EK – 648 දරන ගුවන් යානයෙන් අද අළුයම 2.00ට ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණි බවයි වාර්තාකරු පැවසුවේ.
අලුයම 1.45 දිවයිනට පැමිණ 4.30 නිවසට ගොස් උදෑසන 8.00 වන විට SSC ක්‍රීඩාංගණයේ තරගයක් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩකයින් තිදෙනා පැමිණ තිබෙනවා.
මෙවැනි කැපවීමක් ඇත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමට දීප්තිමත් අනාගතයක් උරුම බව SSC කණ්ඩායමේ පුහුණුකරු වන තිලිණ කණ්ඩම්බි මහතා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
Just finished National duty. Landed in Sri Lanka at 1:45 a.m. Reached home at 4.30 a.m. At the ground by 8.00 am to play for SSC against Tamil Union. . . Superb commitment from @dasunshanaka1 @Avishka28 and @CharithAsalanka
— thilina kandambi (@thilinakandambi) November 6, 2021
I'm sure our future will be bright ! pic.twitter.com/uHELl31q00
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
