"..මට මතකයි මම හිනාවෙලා ඇයගෙන් ඇහුවා.."ධනුෂ්ක අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ලබාදුන් ප්‍රකාශය ප්‍රථම වරට මාධ්‍යයට

Sri Lanka Australia Danushka Gunathilaka
By Sewvandhi Sep 21, 2023 04:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2022 වසරේ නොවැම්බර් දෙවැනිදා වූ සිද්ධිය සම්බන්ධයෙන් 6 වනදා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ධනුෂ්ක ගුණතිලක පොලීසියට දුන් ප්‍රකාශයේ වීඩියෝ දර්ශන අධිකරණය විසින් අද පළමුවරට මාධ්‍යයට නිකුත් කළා.

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, "අනාගතය සහ පසුගිය ආත්මය ගැන කියන්න පුළුවන් කියලා ඇය කිව්වහම ඒ ගැන මට උනන්දුවක් ඇතිවුණා. බෞද්ධයෙකු විදයට අපි හඳහන් බලනවා සෑම මාස 2කට වරක් වගේ. මගේ අම්මයි එය පරීක්ෂා කරන්නේ. මම හිතුවා එය උනන්දුව දනවන සුළු සංවාදයක් කියා."

පොලිස් කාන්තාව, - "ඔබ මොනව හරි පරීක්ෂා කරන බව කිව්වද ?"

අනෙක් පොලිස් නිලධාරියා - "හඳහන"

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, - "හඳහන"

පොලිස් කාන්තාව - "ඔබ ඔබගේ මව ගැන මොනවවත් කිව්වද ?'

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, - "මම කිව්වේ මගේ අම්මා මාස දෙක තුනකට වරක් හඳහන පරීක්ෂා කරන බව. ඒක එක අතකින් ආශීර්වාදයක් වගේ. එතකොට අපි පන්සලට ගොස් ආගමික කටයුතු වගේ දේ කරනවා. ඒ හඳහන් විශ්වාස කරන අය ගැන මම කිව්වේ. ඇය කිව්වා ඇයට එම බලය තිබෙන බව. මමත් දැනං හිටියා හාමුදුරුවෝ කෙනෙකුට හෝ කිහිපදෙනෙකුට පමණක් එවැනි බලයක් තිබිය හැකි බව. ඒ බුද්ධාගම අනුව. ඔව් මට ඉතිං උනන්දුවක් ඇති වුණා. මට මතකයි මම හිනාවෙලා ඇයගෙන් ඇහුවා.. ගිය ආත්මේ මම කවුරුන්ද කියා ? ඇය දෑස් පියාගෙන මොනව කළාද කියා මම දන්නේ නැහැ. ඇය කිව්වා ඇය සහ මම තායිලන්තයේ අසල්වැසියන් ලෙස සිටි බව. අපි තායිලන්තයේ ඉපදී ඇය හා අසල්වාසීන් ලෙස ජීවත් වූ බව ඇය කිව්වා."

පොලිස් කාන්තාව - "ඔබ සහ ඇය අසල්වැසියන් ?"

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, - " ඔව්, ගිය ආත්මයේ තායිලන්තයේදි. පසුව මට යම් බියක් ඇතිවුණා. මම දන්නේ නැහැ මට එහෙම හැඟීමක් ඇති වුණේ ඇයිද කියලා."

ධනුෂ්ක ගුණතිලකට එරෙහි ලිංගික චෝදනා නඩුවේ තීන්දුව ලබන 28 වනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ReeCha