ඕස්ට්‍රේලියාවේ තරුණිය ධනුෂ්කත් සමගින් සිටි පෙර භවය ගැනත් කියලා - පෙර භවය අහපු ගමන් ධනුෂ්කට සිදු වුණ දේ.. පළමු වරට CCTV දර්ශනත් මාධ්‍යට නිකුත් කරලා..
අද (20) ප්‍රථම වරට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ ඔහුට එරෙහි චෝදනා එල්ල කරන ඔස්ට්‍රේලියානු කාන්තාව අතර පළමු හමුවේ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කළේ ය.
අද ඔහුට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ තුන්වැනි දිනටත් විභාග කෙරුණු අතර එම නඩු විභාගය හෙටින් අවසන් වීමට නියමිතයි.
එහිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ධනුෂ්ක පළමු දිනයේ දී පොලිසියට පවසා ඇත්තේ එම රැයේ දී ඇය තමාගේ පෙර භවය ගැන පැවසු බවයි.
ධනුෂ්ක අත්අඩංගුවට ගත් දින ඔස්ට්‍රේලියානු පොලිසියට දුන් පැය දෙක හමාරක ප්‍රකාශය අද අධිකරණයට ඇසීමට සලස්වනු ලැබිණ.
තමාට චෝදලා එල්ල කරන කාන්තාව ඇගේ නිවසේ දී හමු වූ රාත්‍රියේ තමා සහ ඇය පෙර භවයක අසල්වාසින් ලෙස සිටි බව කියූ බව එහිදි ඔහු පවසා තිබෙනවා.
ඒ තමන් ඇය සමඟ තායිලන්තයේ අසල්වාසීන් ලෙස පෙර භවයක සිටි බවයි.
එය ඇය පැවසීමත් සමඟ ඇයගේ ගුප්ත හැසිරීම ගැන බියක් ඇති වූ බව ඔහු අත්අඩංගුවට ගත් දිනයේ දී ම ඔස්ට්‍රේලියානු පොලිසියට කියා ඇත.
එමෙන්ම අලුයම 03ට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයට යා යුතු බව තමා ඇයට පැවසූ බවත් ඇගෙන් වෙන් වීම ඉතා සුහද ආකාරයෙන් සිදු වූ බවත් ඔහු පොලිසියට පවසා තිබෙනවා.
ඔහු සිටි හෝටලයට යාමට කුලී රථය ගෙන්වා දුන්නේ ඇය වන බවත් ඔහුට එම කාන්තාව එල්ල කරන ලද අනාරක්ෂිත ලිංගික ක්‍රියා චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පොලිසිය හමුවේ ධනුෂ්ක කියා තිබෙනවා.
අදාළ කාන්තාවගේ පැමිණිල්ල දුරකථනය ඔස්සේ ලියාගත් පොලිස් කාන්තාව එම සටහන් ඉරා විසිකොට ඇති බව අද අධිකරණයේ දී අණාවරනය විය.
එය එහිදී සිඩ්නි නුවර රෝස් බේ පොලිස් ස්ථානයට අනුයුක්ත එම පොලිස් කාන්තාව ධනුෂ්ක ගුණතිලකගේ නිතිඥ මුරුගන් තංගරාජ් යොමු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එය පිළිගෙන ඇත.
එමෙන්ම එය අත්වැරදීමක් ලෙස ඇය සඳහන් කර තිබෙනවා.
ධනුෂ්කගේ නීතිඥයා පොලිස් කාන්තාවගෙන් නැඟූ ප්රශ්නය වූයේ අදාළ කාන්තාවට ලිංගික අපයෝජන චෝදනාවක් ඉදිරිපත් කරන ලෙසට යෝජනාවක් කළේ දැයි යන්නයි.එය පොලිස් කාන්තාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම නඩු විභාගය හෙට අවසන් වීමට නියමිතයි.