ධනුෂ්ක ගුණතිලකට තවත් සහනයක් හිමි වෙයි.

Sri Lanka Danushka Gunathilaka
By krishani Aug 09, 2023 02:05 PM GMT
krishani

krishani

Report

ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ දී චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තවත් ලිහිලක් එරට අධිකරණය ලබාදීමට තීරණය කර ඇත.

ඒ සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණයේ දී එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී ය.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවසර හිමි වෙයි.

එමෙන්ම මෙලෙස සංචාරයන් හි නිරත වීමේ දී ඔස්ට්‍රේලියාව තුළ ගුවන් සංචාරයන් හි නිරත වීමට ද අවසර ලැබෙයි.

ඒ අනුව එක් මාසයක දී ඔහුට එරට අභ්‍යන්තර ගුවන් සංචාරයන් දෙකක් සිදුකිරීමට හැකි වෙයි.

එය ධනුෂ්ක ගුණතිලක ලද ජයග්‍රහණයක් බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.

එහිදී ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කරන්නේ නම් තම සංචාරයේ කාලසීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය අවම වශයෙන් පැය 48 කට පෙර පොලිසිය දැනුවත් කළ යුතු වෙයි.

කෙසේ වෙතත්, සතියකට තුන් වතාවක් පොලීසිය හමුවේ පෙනී සිටීමේ නියෝගය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ReeCha