ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියා අධිකරණයෙන් දුන් නවතම තීන්දුව මෙන්න..

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළව ඔහුට එල්ල වූ ලිංගික අතවර චෝදනා හතරෙන් තුනක්ම ඉල්ලා අස්කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ එරට අධිකරණයේ නීතිපති විසින් ලබාදුන් තීන්දුවකට අනුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් 05 වැනිදා රාත්‍රියේදී ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී අත් අඩංගුවට ගැණුනේ, එරට තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවටයි.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහුට මෙලෙස චෝදනා එල්ල වූයේ.

ඒ අනුව අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා හතරක් එල්ල විය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now