ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට අද අධිකරණයෙන් ලැබුණු විශේෂ සහනය..!
By Sewvandhi
අද(7) සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබු නියෝගය ඉවත් කර තිබේ.
එනම්, ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන මේ වන විට ඇප මත නිදහස්ව සිටී.
ධනුෂ්ක ගුණතිලකව, සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වුණි.
දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක මුඳාහරිනු ලැබුවේ නොවැම්බර් 17 වැනිදාය. ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළි අප්‍රේල් 27 වනදා කැඳවීමට නියමිතව තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |