ධනුෂ්ක ගුණතිලකට ඇප - අද අධිකරණයේ දී සිදු වූ දේ

By Sewvandhi Nov 17, 2022 04:31 AM GMT
Report

අත්අඩංගුවට පත්ව සිටි ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඞ්නි අධිකරණයෙන් ඇප නියම වී ඇත .

අධිකරණයට ගුණතිලකගේ නීතිඥයින් දන්වා ඇත්තේ සැකකරු ට සහාය වීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී ඇති බවය.

ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ව ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝගකර තිබේ. 31 හැවිරිදි ධනුෂ්ක ව පසුගිය 06 වනදා සිඩ්නි පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුණි.

ඒ 29-හැවිරිදි තරුණියක් කළ පැමිණිල්ලකට අනුවය. එහිදී අය සඳහන් කර තිබුණේ ධනුෂ්ක විසින් තමාව "තම කැමැත්ත නොමැතිව" සිව් වතාවක් ලිංගික අපයෝජනයට ලක්කළ බවය.   

එම සිදුවීම සිදුකර තිබුණේ නොවැම්බර් 02 වනදා, එම තරුණියගේ නිවසේදී බව අධිකරණයේදී හෙළිවිය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now