ධනුෂ්කගේ ඉල්ලීමට අධිකරණයෙන් අවසර..!
By Sewvandhi
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බන්ධන්ගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ගේ නීතීඥවරු කළ ඉල්ලීමකට අධිකරණයෙන් අද (16) අවසර ලැබුණි.
ඒ අනුව සිඩ්නි දුම්රිය ස්ථානයක CCTV දර්ශන සහ වෙනත් තොරතුරු ලබා ගැනීමට එම නීතිඥවරුන්ට අවසර දී තිබේ.
ධනුෂ්ක ගුණතිලක තමාට ලිංගික අතවර කළ බවට සිඩ්නි තරුණියක් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඔහු පසුගියදා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඔහු විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලුම්පතක් හෙට සලකා බැලීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |