ඩෑන් ප‍්‍රියසාද් මිය යන්නට පෙර මෝචරියට ගිහින් දාලලු! - පොලිසියම කියයි

Report

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තැබීමකට ලක්ව තුවාල ලබා රෝහල්ගත වූ අවස්ථාවට අනූව, ඔහු මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය හරහා චෝදනා සහ ගැටලුදායක ප්‍රචාරයක් පැතිරී ඇත. ඒ අතර, ඔහු මරණයට පත් වීමට පෙර මෝචරියකට ගෙන ගොස් දමා ඇති බවටද චෝදනා පැවතියි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කළ නිල මාධ්‍ය නිවේදන මාලාවද සමාජයේ සැක සහ අවදානම් ප්‍රතිචාර ඇති කර තිබේ.

ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?

ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?

පළමු නිවේදනය නිකුත් වුයේ ඊයේ රාත්‍රී 10.35 ටය. එහි සඳහන් වුණේ, ඩෑන් ප්‍රියසාද් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත්, ඔහුගේ මෘත ශරීරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත්ය.

කෙසේ වෙතත්, එම නිවේදනයෙන් විනාඩි 15ක් පමණ කාලයකින් නිකුත් කළ දෙවැනි නිවේදනයේදී පොලිසිය පැවසුවේ, ඩෑන් ප්‍රියසාද් තවමත් මිය නොගොස් ඇති අතර, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

අවසන් වශයෙන්, අද පෙරවරුවේ නිකුත් කළ තෙවැනි නිවේදනයෙන් පොලිසිය තහවුරු කළේ, ඩෑන් ප්‍රියසාද් දැඩි සත්කාර ඒකකයේදී මියගොස් ඇති බවයි.

බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!

බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!


GalleryGallery