දමිතා ඇඟේ කැමැත්තෙන්ම විශේෂ කුටියකට ගිය හේතුව හෙළිවෙයි...

Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Aruna Sep 18, 2022 05:30 AM GMT
Aruna

Aruna

Report

රංගන ශිල්පිනී දමිතා අබේරත්න වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා ගෙන සිටි විශේෂ අංශයේ සිරකුටියට යොමු වූයේ ඇයගේම කැමැත්තෙන් යැයි ඇය කළ ප්‍රකාශය සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවත්වන පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

තමන්ව ‘ජරා ගැහැනුන්‘ සිටින තැනකට දමන්නැයි බන්ධනාගාර උසස් නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියකට පැවැසී යැයි කරන ප්‍රකාශය පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ නියමයෙන් ඇරැඹි පරීක්ෂණයේදී මේ තොරතුරු අනාවරණය වී ඇත.

විශේෂ අංශයේ සිරකුටියක ඇයව රඳවා තැබීමට දමිතා අබේරත්න මහත්මිය කැමැත්ත පළ කළ බවත් ඒ අනුව ඇයව එම සිරකුටියේ රඳවා තැබූ බවටත් බන්ධනාගාර නිලධාරිනියන් ලොග් සටහනක් තබා ඇතැයිද මෙතෙක් කර ඇති විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ කරුණු පැහැදිලි කළ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසුවේ බන්ධනාගාර තුළ ‘ජරා ගැහැනුන්‘ යැයි කොටසක් නොවන බවත් ඔවුන් යම් වරදක් කර සිරදඬුවම් නියමව බන්ධනාගාරගත වූ කාන්තාවන් බවත්ය.

බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ව සමාජයේ යහපත් පුරවැසියන් බවට පත් කිරීමට කටයුතු යොදන බවත් එම නිලධාරියා කීය.

දමිතා අබේරත්න අරගලයේ පෙරමුණ ගෙන ක්‍රියා කළ අයකු බැවින් බන්ධනාගාරය තුළ වෙනත් දේශපාලන මත දරන රැඳවූ කාන්තාවන් වේ නම් ඔවුන්ගෙන් ඇයට ජීවිත තර්ජන එල්ල විය හැකි නිසා ඇයගේ ආරක්ෂාව පතා විශේෂ අංශයට යොමු කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් විමර්ශන කටයුතු කරමින් පවතී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now