හේශා කරපු වැඩෙන් දමිතාට සජිත් එපා වෙලා ..සජිත්ව අත ඇරලා දමිතා කාටද මේ එකතු උනේ..
දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එක්වෙමින් සඳහන්කර සිටියේ තමන් සමගි ජනබලවේගයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් වී ලියුම් පෙට්ටිය ලකුණු සහිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ එක් වූ බවයි.
අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව එම තීරණයට එළැඹි බවය.
සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් තමා ඉවත් වෙන බවත් ඒ සඳහා උපකාර කළ සියලුදෙනාට ස්තූතිය පිරි නමන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.