පෙබරවාරියේ දළදා ප්‍රදර්ශනයක්.
75 වන නිදහස් දිනයට සමගාමීව දළදා ප්‍රදර්ශනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව ශ්‍රී දළදා ප්‍රදර්ශනය ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී මාර්තු මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මේ අතර 75 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව සංස්කෘතිකාංග සහ ආගමික වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සංවිධාන කර තිබීම ද විශේෂත්වයකි.
බෞද්ධ ආගමික වතාවත් පෙබරවාරි මස 02 වන දින සන්ධ්‍යාවේ ශ්‍රී දළදා මන්දිරයේ දී සිදු කෙරෙන අතර, එදිනම රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනය වික්ටෝරියා වේල්ල ඉස්මත්තේ දී රාත්‍රී 9.00ට ආරම්භ කෙරේ.
පසුදා උදෑසන හීල් දානමය පිංකමක් ද සිදු කිරීමට නියමිතයි.
මීට අමතරව 75 වන නිදහස් දිනයට සමගාමීව සංවිධාන කෙරෙන විශේෂ සංස්කෘතික කලා මංගල්‍යය “ලංකාරලංකා" රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කලා ශිල්පීන් 750කගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 03 වනදා ප.ව 7.30ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දි පැවැත්වේ.
ජාතික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 04 වනදා පෙ.ව 8.30ට ගාලුමුවදොර පිටියේ දී ආරම්භ කෙරේ.
නිදහස් චතුරශ්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ පිළිරුවට මල්දම් පළඳවා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ජාතික විරුවන්ගේ ප්‍රතිමා සඳහා පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව උත්සව කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
“නමෝ නමෝ මාතා - සියවසකට පියවරක්" තේමාව යටතේ පැවත්වෙන මෙම අභිමානවත් උළෙලේදී 2048 වසරේ 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය.
කතෝලික ආගමික වතාවත් මරදාන ෆාතිමා දේවස්ථානයේ පෙබරවාරි මස 04 වන දින උදෑසන 6.30ට සිදු කෙරෙන අතර, ක්‍රිස්තියානි ආගමික වතාවත් එදින එම වේලාවටම ගාලුමුවදොර ක්‍රිස්තියානි දේවස්ථානයේ දී සිදු කෙරේ.
හින්දු ආගමික වතාවත් පෙබරවාරි 03වන දින උදෑසන ත්‍රීකුණාමලය දක්ෂිණ කෛලාෂ් හෙවත් කෝණේෂ්වරන් කෝවිලේදී සිදු කෙරේ.
මුස්ලිම් ආගමික වතාවත් පෙබරවාරි 04 වන දින පෙ.ව 10.00ට කොළඹ මහ පල්ලියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |