ඩෑන් ප්‍රියසාද්ට වෙඩි ප්‍රහාරයක්
By Zara
ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
වෙඩිවැදී තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.
කොලොන්නාව ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.
වෙඩි ප්‍රහාර 4ක් ඩෑන් ප්‍රියසාද්ට එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට කොළඹ ජාතික රෝහලේ බලපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර බලන බවද වාර්තා විය.