නොවැම්බර් 16 තවත් විනාසයක්ද? සුළි කුණාටුවක්.. නැවත දැනුම් දෙනතුරු වලංගු විශේෂ නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබද පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මඟින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව එය අද(14) සිට ලබන 16 දක්වා වලංගු බව සඳහන්. එසේම මෙම නිවේදනය ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා වලංගු වේ.
එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද උදෑසන වන විට මඩකලපුව සිට කි. මී. 650 ක් පමණ දුරින්, නැගෙනහිර දෙසින් ස්ථානගත වී තිබුණු බවයි.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
එසේම තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට දින (නොවැම්බර් 15) වන විට ' පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ පවතියි.
එමෙන්ම තවදුරටත් මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් මස 16 වැනිදා පමණ වන විට දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවට වර්ධනය වීමට හැකියාව පවතින බැවින් අද(14) දින උදෑසන 05.30 සිට, උතුරු අක්ෂාංශ 05ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස දැනුම් දී ඇත.
අඳාළ නිවේදනය පහතින්,

