අදින් පස්සෙ සයිබර් අවකාශයේ දාපු සෙල්ලම් ලෙල්ලම් වෙයි..
Police
Sri Lanka
Cyber attack
Cabinet
By Aruna
ආරක්ෂක සයිබර් විධිවිධාන පනත හා සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන එම කෙටුම්පත් දෙක සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇත.
විද්‍යුත් සන්නිවේදනයේ දියුණුවත් සමග ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අපරාධකරුවන් විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ හා සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා සයිබර් අවකාශය සහ විද්‍යුත් සන්නිවේදනය භාවිත කිරීමට පෙළඹී තිබේ.
ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා අනෙකුත් නියෝජිත ආයතනයන් මේ වන විට ආයතන මට්ටමින් පිහිටුවා ඇති සයිබර් ආරක්ෂණ ඒකක මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් තවදුරටත් විධිමත් කිරීම සඳහා නව නීති සම්පාදනයට තීරණය කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |