සයිබර් ප්‍රහාරයක් ගැන අසත්‍ය ප්‍රචාරයක් පැතිරූ අයෙක් CID දැලේ(PHOTOS)

colombo fake news cid cyber president offce
By Sewvandhi Jun 08, 2021 01:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපති කාර්යාලය ඇතුලු රජයේ ආයතන කිහිපයක වෙබ් අඩවි වෙත සයිබර් ප්‍රහාර එල්ලවී ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නම් සංවිධානයේ රජීව් මැතිව් යසිරු කුරුවිටගේ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සැකකරු විසින් අන්තර්ජාලය හරහා අසත්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ හරහා සිදුකළ විමර්ශනවලදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාල සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (07) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙවැනි අසත්‍ය ප්‍රචාර හමුවේ අදාළ වෙබ් අඩවි සමග ගණුදෙනු කිරීමද ඇතැම් පාර්ශව විසින් අත්හිටුවා තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වන අතර සැකකරු අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පරිගණක අපරාධ පණත යටතේ මොහුට එරෙහිව කටයුතු කිරීමට නියමිතයි. 

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery