පනවා ඇති ඇඳිරි නීතිය කඩකළ හොත් අත්අඩංගුවට ගත හැකිද..? ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකුගෙන් විශේෂ පැහැදිලි කිරීමක්..!

Report

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥ  නිපුන විමලසේකර මහතා සමාජ මාධ්‍ය ගිණුමට පණිවිඩයක් නිකුත් කරමින් අද පැණවූ ඇඳිරි නීතිය හා අත්අඩංගුවට ගැනීම ගැන විශේෂ සදහනක් සිදුකළා.

උපුටා ගැනීම -

" ශ්‍රී ලංකාව තුළ ඇඳිරි නීතිය (Curfew ) පැනවිය හැක්කේ මහජන ආරක්ෂක පනතේ 16 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පමනි. "පොලිස් ඇඳිරි නීතිය " යනුවෙන් එකක් ශ්‍රී ලංකා නීතිය තුළ නොමැති අතර එවැනි බලයක් පොලිස්පතිවරයාට නොමැත.

ලංකාවේ නොපවතින නීති තත්වයක් තුළ පනවන ඇඳිරි නීතිය ද වලංගු නොවේ.එම නිසා එම ඇඳිරි නීතිය කඩ කළා යැයි සැකපිට යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලීසියට හෝ වෙනත් ආයතනයකට බලය නොමැත. "

උපුටා ගැනීම අවසන් -


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 




GalleryGallery