ඇඳිරිනීතිය සම්බන්ධයෙන් අලුත්ම නිවේදනය මෙන්න..

Report

අද(14) අලුයම 5 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය මෛ වන විට ඉවත්කර තිබේ.

අග්‍රාමාත්‍ය සහ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අද උදෑසන 5.00 දක්වා දිවයින පුරා ඇඳිරිනීතිය පනවනු ලැබුවේ.

මේ අනුව ආරක්ෂක අමාත්‍යංශය මහජන ආරක්ෂක අමාත්‍යංශය හෝ පොලිස්පති හෝ ඔවුන් විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරිය යටතේ මිස අද(14) අලුයම 5 දක්වා කිසිම තැනැත්තෙකු විසින් යම් පොදු මාර්ගයක දුම්රිය මාර්ගයක පොදු උද්‍යානයක පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ නොසිටිය යුතු බවටයි විධාන කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery