මුළු දිවයිනටම පැනවූ ඇඳිරි නීතියට අද වෙන දේ මෙන්න..
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව මුලු දිවයිනටම පනවා තිබූ ඇඳිරිනීතිය අද (15) පෙ.ව. 5.00 ට ඉවත් කෙරුණු ලැබුවා.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළා.
අදාල නිවේදනයේ අද පස්වරුවේ යළි ඇදිරි නීතිය පැනවීමක් ගැන සදහන්ව නැත.
මීට පෙර සඳහන් කළේ, ඇඳිරිනීති කාලය තුළ, බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර හිමිවන්නේ නැති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |