ඇඳිරි නීතිය දැඩි වෙයි..රට විවෘත කිරීම යළිත් කල් යයි???

Covid Curfew Police Sri Lanka Sudarshanee franandupulle
By Aruna Sep 15, 2021 01:52 AM GMT
Aruna

Aruna

Report

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලඝනය කිරීම නිසා ගත වූ පැය විසි හතරක කාලය තුළ පුද්ගලයින් 646 ක් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම නිසා මේ දක්වා අත් අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 72,113ක්.

බස්නාහිර පළාත තුල ස්ථාපිත කොට ඇති මුළු මාර්ග බධක සංඛ්‍යාව 13ක් වෙන අතර, ඊයේ දිනයේ දී බස්නාහිර පළාතෙන් පිටවෙන හා ඇතුළු වෙන පුද්ගලයින් 2052 දෙනෙකු පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

පරීක්ෂා කරන ලද වාහන සංඛ්‍යාව 596 ක් ලෙසට යි වාර්තා වෙන්නේ.

වලංගු අවසර පත්‍රයක් නොමැති ව මාර්ග බාධක හරහා පිටවීට උත්සාහ කළ වාහන 198 ක් ද නැවත හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ ඇතුළත්.

මේ අතර සති 4කට පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් මෙරට කොවිඩ් මරණ සහ ආසාදිතයින් වාර්තාවීම පහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඳ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන සඳුදා සිට රට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බවයි ඇය කියා සිටියේ.

සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේගෙන් මාධ්‍යවේදීන් රට විවෘත කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදියි ඇය මේ බව කියා සිටියේ.

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති මන්නාරමේ වැසියන්ට අද සිට මුහුදු යාමට හෝ පොදු ස්ථානවල ගැවසීම තහනම් කිරීමට කටයුතු කර ඇති බව මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්. විනෝදන් ප්‍රකාශ කළා.

මන්නාරමේ කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, පොලිස් මුර පොළවල් සහ ධීවර තොටුපලවල්වලදී එන්නත් කාඩ්පත් පරීක්ෂා කිරීමටයි තීරණය කර ඇත්තේ.

මන්නාරම් වැසියන් හා ඉන්දීය ජාතිකයන් අතර සබඳතා ඉහළ යාමද මෙම තීරණයට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ පවතින කොරෝනා රැල්ලේ අවධානම මෙතෙක් පහව ගොස් නොමැති බැවින් මෙම අවස්ථාවේ රට විවෘත කිරීම සම්බන්ධයෙන් සිතා බැලිය යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now