වහාම දිවයින පුරා පැන වූ ඇඳිරි නීති කාලය ගැන.. පොලීසියෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..

Report

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.  

එමෙන්ම, ඇඳිරිනීතිය පනවා ඇති කාලසීමාව තුළ මාර්ගය භාවිත කිරීම පිළිබඳව පොලිස් මූලස්ථානයෙන් යළිත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගමන් කිරීම සඳහා පොලිස් ස්ථාන මගින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවය.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවා සහ හදිසි සේවා සඳහා ගමන් කිරීමේදී තම රාජකාරී හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව ද පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.