චෙන්නායිට මතීෂව එපා වෙලාද? - අලුත්ම තීරණය මෙන්න

Report
Courtesy: ESPNcricinfo

2026 IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා දින නියමවීමත් සමග එක් එක් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රඳවාගන්න හා නිදහස් කරන ක්‍රීඩකයන් නිවේදනය කර ඇත .

එහි පාලනාධිකාරිය තීරණය කර තිබුණේ මෑත කාලය තුළ චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්ව සිටි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන තරගාවලියේ දී තම සංචිතයෙන් නිදහස් කිරීමටයි.

පසුගිය වසරේ දී ඔහු ඉන්දීය රුපියල් කෝටි 13කට රඳවා ගෙන තිබුණි.

මතීෂ 2023 වසරේ දී චෙන්නායි නියෝජනය කරමින් මංගල IPL තරගාවලියට සහභාගි විය සිය මුල්ම තරගාවලියේදීම ජයග්‍රාහී කණ්ඩායමක සමාජිකයෙකු බවට පත්විය.

IPL සුපිරි ක්‍රිකට් තරුව ගත් දැඩි තීන්දුව

IPL සුපිරි ක්‍රිකට් තරුව ගත් දැඩි තීන්දුව

එවර ඔහු සිය කණ්ඩායම වෙනුවෙන් තරග 12කදී කඩුලු 19ක් දවාගැනීමට සමත් වූ අතර, මේ වනවිට තරග 32කදී කඩුලු 47ක් බිඳහෙළීය එවකට නායක මහේන්ද්‍ර සිං දෝනි පවා සදහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මතීෂව ප්‍රවේශමෙන් යොදාගත යුතු බවයි.

තවද එසේ වුවහොත් ඔහුට දිගු වෘත්තීය ගමනක් යා හැකි බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් චෙන්නායි කණ්ඩායමට මතීෂව අවශ්‍යනම් එළැඹෙන දෙසැම්බර් 16 වනදා අබුඩාබි හිදී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ ඒ සඳහා අවස්ථාව උදාවෙනු ඇත.

 තවද   වෙන්දේසියට දින නියමවීමත් සමග එක් එක් කණ්ඩායම් විසින් ඔවුන්ගේ සංචිතවලින් නිදහස් කරන සහ රඳවා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ලැයිස්තුව ඉන්දීය වේලාවෙන් අද ප.ව. 3.00ට පෙර ප්‍රකාශයට පත්කළ යුතුව තිබුණි.

තවද චෙන්නායි බලධාරීන් තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මතීෂට අමතරව නවසීලන්ත ක්‍රීඩකයින් වන ඩෙවොන් කොන්වේ සහ රචින් රවීන්ද්‍ර ආදී  ක්‍ර්‍රීඩකයන් රැසක් නිදහස් කිරීමටයි.

“කාණුවකින් ගසාගෙන ගොස් අපගේ හිස මතට ඔටුන්නක් වැටුණේ නැත” - ජනපතිගේ ප්‍රකාශයට එජාපෙන් නිවේදනයක්

“කාණුවකින් ගසාගෙන ගොස් අපගේ හිස මතට ඔටුන්නක් වැටුණේ නැත” - ජනපතිගේ ප්‍රකාශයට එජාපෙන් නිවේදනයක්