කොළඹ කොටස් කණපිට පෙරළෙයි - ආරම්භ කළ පළමු පැයේම ගනුදෙනුකරුවන් මවිත කරමින් දැවැන්ත පිම්මක්
අමෙරිකාව සහ ඉරානය අතර ඓතිහාසික සාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, අද (15) දින පෙරවරුවේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භ වී ඉතා කෙටි වේලාවක් ඇතුළත සියලුම දර්ශකයන් ශීඝ්‍ර අගයකින් ඉහළ යමින් සුවිශේෂී ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගෝලීය දේශපාලනික ස්ථාවරත්වය පිළිබඳ ඇති වූ නව බලාපොරොත්තු සහගත තත්ත්වය හමුවේ ආයෝජකයින් දැක්වූ දැඩි උනන්දුව හේතුවෙන්, පෙරවරු 09:30 ට ගනුදෙනු ආරම්භ වූ සැනින් කොටස් වෙළඳපොළ ඉහළ යන ආකාරයක් නිරීක්ෂණය වී තිබෙනවා.
සාමයේ පිහිටෙන් ලෝකෙටම සුබ වෙයි - තෙල් මිලෙන් නොසන්සුන් වූ සියලු දෙනා පුදුම කරමින් අද ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
එමෙන්ම පෙරවරු 10:31 වන විට වාර්තා වූ දත්ත අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 686.99 කින් (3.18% කින්) ඉහළ ගොස් ඇත.
ඒ ඒකක 22,324.42 ක් වශයෙන් සටහන් කරමින්.
මේ අතර ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තු 15 ක කාලය තුළ (පෙරවරු 09:45 වන විට) දර්ශකයන් සිය උපරිම අගයන් කරා ළඟා විය.
පසුව දහවල් වන තෙක්ම එම ඉහළ අගයන් ස්ථාවරව පවත්වා ගැනීමට වෙළඳපොළ සමත්ව තිබෙනවා.
අද සිට 20 වැනි දා තෙක් දිවයින පුරා ක්‍රියාත්මකයි - සියලුම රාජ්‍ය ආයතන, පාසල් සහ නිවාස වෙත මේ නිලධාරීන් එයි