දෙයියනේ මුන් නම් මනුස්සයෝ වෙන්න බෑ, සුරතලෙක්ව නරුම විදිහට අල්ලලා පොළවේ ගහලා ඇළට විසිකරාට වැඩ වරදී
නානුඔය එඩිම්බරෝ වත්තේ නිවසක සුරතලයට ඇති කළ සුනඛයෙකුට අමානුෂික ආකාරයට පහර දී අල්ලා පොළවේ ගසා නානුඔය ඇළට විසිකළ තරුණයා නානුඔය පොලිසියෙන් ඉකුත් 28 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා වෙත ඉදිරිපත් කිරීමෙන් ලබන 10 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
ඒ අනුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ නානුඔය එඩිම්බරෝ වත්තේ පදිංචි මෝහන සුන්දරම් ලක්ෂාන් නැමති 17 හැවිරිදි තරුණයෙක්.
සැකකාර තරුණයාගේ අසල්වැසියෙක් සුරතලයට ඇති කරන සුනඛයා සැකකරු සුරතලයට ඇති කරන බළල් පැටවෙකු සපා තුවාල සිදු කිරිමට උරන වී මෙසේ සුනඛයාට අමානුෂික ආකාරයට පොල්ලකින් පහර දී පොළවේ ගසා කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඇළට දමා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇළට වැටුණු සුනඛයා තුවාල සහිතව ඇළ දිගේ පීනාවිත් නිවසට පැමිණ ඇත. මේ අතර සුනඛයාට පහර දී ඇළට දමන අයුරු සැකකරුගේ මිතුරෙක් ජංගම දුරකථනයෙන් විඩියෝගත කර සමාජ මාධ්‍යට මුදාහැර තිබෙනවා.
එම වීඩියෝව සුනඛයාගේ අයිතිකාර කාන්තාව දැක පසුව සැකකරුට එරෙහිව නානුඔය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
එහෙත් සැකකරු සුනඛයාට ප්‍රතිකාර ලබා දෙන බවට පැමිණිලි පාර්ශවයට පොරොන්දු වී මෙන් අනතුරුව නානුඔය පොලිසිය එම සිද්ධිය පිළිබඳව දෙපාර්ශව එකගතාවය මත සමතයකට පත් කර ඇත.
කෙසේ වෙතත් සමාජ මාධ්‍යට මුදා හැර තිබූ දර්ශණ විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය වීමෙන් අනතුරුව නානුඔය පොලිසියෙන් සැකකරු නැවත අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
එමෙන්ම සුනඛයාට අමානුෂික ආකාරයට පහර දීමේ සිද්ධිය මාධ්‍ය මගින් හෙළිදරව්වීමත් සමග සත්ත්ව සුභසාධන සංසදයෙන් සුනඛයාට පහර දුන් තරුණයාට අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා මෙන් පොලිස්පතිවරයාට ද පිටපත් සහිතව නානුඔය පොලිසිය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලිමක් කර තිබූ බව සඳහන්.