දිවයිනට එන පද්මේ ඇතුළු පාතාලයින් භාරගන්න දැඩි ආරක්ෂාව මැද CID නිලධාරීන් කටුනායකට
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ පාතාල ලෝකයේ ගෝඩ් ෆාදර් ලෙස හඳුන්වන කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පිරිස හෙට දින (31)කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතය.
ඔවුන් අද දින (30) පැමිණීමට නියමිතව තිබුණත් තවත් නීත්‍යානුකූල කටයුතු කීපයක් හේතුවෙන් එය ප්‍රමාද වී ඇති බවට වාර්තාා වේ.
ඒ වගේම මෙම පාතාල සාමාජිකයන් පිරිස ඉන්දුනීසියාවේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණීමට නියමිත බැවින් ඒ අවට පරිශ්‍රය දැඩි ආරක්ෂාවකින් යුතු බවටත් සඳහන් වේ.
ඒ අනුව දිවයිනට රැගෙන එන පද්මේ ඇතුළු පාතාලයින් බාරගන්න දැඩි ආරක්‍ෂාවක් මැද්දේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කටුනායකට පිටත් වූ බව වාර්තා වේ.