පැනලා ගිය ඉෂාරා සෙව්වන්දි ගැන ඇහෙන අලුත්ම කතාව, කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අනාවරණ රැසක්

Report

ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශගත පාතාල සාමාජිකයින් සමග සැලසුම් කර අධිකරණය මඟහැර සිටින බවට චෝදනා ලබන ඉෂාරා සෙව්වන්දී නැමැත්තිය සමග සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ බව ඊයේ (29) දින කොළඹ අපරාධ කොට්ඨාසයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් හෙළි කර ඇත.

තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේ මෙම නව සැකකරු, ඉෂාරා සෙව්වන්දීගේ ජංගම දුරකථනයට නිරන්තරයෙන් ඇමතුම් ලබා දී ඇති බවට දුරකථන දත්ත වාර්තා විශ්ලේෂණයේදී අනාවරණය වී ඇති බවයි.

එසේම කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඝාතන සිද්ධියට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ට අමතරව, අලුතින් හඳුනාගත් මෙම පුද්ගලයා පිළිබඳව ද විමර්ශන ඉදිරියට ගෙන යාමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

තවද වැඩිදුරටත් අඳාළ දුරකථන දත්ත හරහා සැකකරු නිල ලෙස හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නියෝග ලබා දෙන මෙන්ද පොලීසිය ඉල්ලා තිබෙනවා.

එමෙන්ම මෙම නව සැකකරුට අදාළ දුරකථන සිම්පත සහ සබඳතා පිළිබඳ තොරතුරු හෙළි වී ඇත්තේ, ඝාතනය සම්බන්ධයෙන් මේ වන විටත් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් තිදෙනෙකුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් බව සඳහන්.

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්