අත අරින්න එපා කොල්ලනේ fight ම කරන්න අන්තිම බෝලෙටම, අන්තිම ලකුණටම, සිම්බාබ්වේ පරද්දපු සිංහ පැටවුන්ට මාලිංගගෙන් සටහනක් [PHOTOS]

Report

සිම්බාබ්වේ කණ්ඩායමට විරුද්ධව ඊයේ දින පැවති එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු ජයක් ලැබීමෙන් අනතුරුව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග විසින් තම ෆේස්බුක් පිටුව හරහා කණ්ඩායමට සුබ පැතුම් එක් කර ඇත.

ඒ අනුව ඔහු සිය සටහන මගින් අවසන් පන්දුව දක්වාම සටන් කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබුණා. එසේම එය තම ක්‍රීඩා ජීවිතයේ සාර්ථකත්වයට හේතුවක් වූ බවත් පෙන්වා දී ඇත.

තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

එසේම එහි වැඩිදුරටත් මාලිංග සඳහන් කර ඇත්තේ, "මම පුරුදු වුණෙත් අන්තිම බෝලෙ වෙනකන් fight කරන්න. මම පුරුදු කරන්නෙත් අන්තිම බෝල් එක වෙනකන් fight කරන්නමයි.ලකුණකින් දිනුවත්, මට ඒක දිනුමක්ම තමයි. Fight කරනකොට පැරදිලත් පුරුදු නිසා ඒ අත්දැකීමත් තියෙනවා." යනුවෙන්.

තවද ඔහු අවධාරණය කර තිබුණේ ක්‍රිකට් තරඟයක් යනු අවසාන ප්‍රතිඵලය කලින් කිව නොහැකි ක්‍රීඩාවක් බවයි.

එබැවින් කිසිම මොහොතක සටන අත නොහැර, අවසන් ලකුණ දක්වාම ක්‍රීඩා කරන ලෙස ඔහු ක්‍රීඩකයන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව "ඒක නිසා අත අරින්න එපා කොල්ලනේ fight ම කරන්න අන්තිම බෝලෙටම, අන්තිම ලකුණටම" යනුවෙන් තම සටහන අවසන් කර ඇති මාලිංග, ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණයට තම සතුට පළ කර තිබුණා.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

GalleryGalleryGallery