බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවනු ඇත - ගෝල්ඩ්මන් සැක්ස් අනතුරු අඟවයි

Report

හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල් ප්‍රවාහනයට බාධා ඇති වීම දිගටම පවතින්නේ නම්, ලබන සතිය වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යා හැකි බව ගෝල්ඩ්මන් සැක්ස් ආයතනය අනතුරු අඟවා තිබේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ආයතනය පවසා ඇත්තේ, වර්තමාන බාධාකාරී තත්ත්වය හේතුවෙන් තම මූලික මිල පුරෝකථනයන් අභිබවා යාමේ අවදානම ඉතා ඉක්මනින් වැඩි වෙමින් පවතින බවයි.

හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට මිලියන බැරල් 20කට ආසන්න බොරතෙල් ප්‍රමාණයක් ලෝක වෙළඳපොළට ගලා යන අතර, එහි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි ගෝල්ඩ්මන් සැක්ස් මීට පෙර අපේක්ෂා කර තිබුණි.

නමුත් වර්තමානයේ පවතින ආතතිය හේතුවෙන් එම අපේක්ෂාවන් වෙනස් වී ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

මෙම තත්ත්වය මධ්‍යයේ බොරතෙල් මිලවල ඉහළ යාම සමග ලෝක ආර්ථිකයට බලපෑම් එල්ල වීමේ අවදානමක්ද පවතින බව විශ්ලේෂකයෝ සඳහන් කරති.  

ඉරානය ඊළඟ උත්තරීතර නායකයා තෝරා ගැනීමට ආසන්නයි

ඉරානය ඊළඟ උත්තරීතර නායකයා තෝරා ගැනීමට ආසන්නයි

චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා මැදපෙරදිග යුද්ධය හෙළා දකියි

චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා මැදපෙරදිග යුද්ධය හෙළා දකියි

සුභ ආරංචියක් - මේ රාජ්‍ය සේවකයන්ට 25%කින් වැටුප් වැඩිකිරීමක්

සුභ ආරංචියක් - මේ රාජ්‍ය සේවකයන්ට 25%කින් වැටුප් වැඩිකිරීමක්