මහ වැස්සෙන් 16ක් මරුට.. 245000ක් පීඩාවට…

Covid 19 Critical whether natural disarsters
By Sithumi Jun 06, 2021 04:42 PM GMT
Sithumi

Sithumi

Report

රට පුරා ප්‍රදේශ ගණනාවක පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිව තිබෙන අාපදාවන් නිසා පුද්ගලයන් 16දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම පුද්ගලයන් 03දෙනෙකු අතුරුදන් වී ඇති බව ද ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව 270012ක් යියිද මධ්‍යස්ථානය කියා සිටියි. නිරිත දිග මෝසම සක්‍රීය පැවතුනද වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

 නමුත් අද දිනයේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සැළකියුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.