අද මෙරටට අවදානම් තත්වයක් - සිදුවන දේ මෙන්න

pradeep kodippili Whether department of whether
By Sithumi Oct 01, 2021 12:39 PM GMT
Sithumi

Sithumi

Report

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇති වියහැකි බව එම නිවේදනයේ දැක්වේ. 

 සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති වියහැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ. 

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බැවින්, විශේෂයෙන් හෙට (02) සහ අනිද්දා (03) යන දිනවල, දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව දන්වා ඇත. මේ අතර, විශේෂයෙන් කඳුකර ජනතාව නායයෑම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. 

   අවශ්‍යවුවහොත් සහන සැළසීමේ සහ මුදවා ගැනීමේ සහන කණ්ඩායම් එම අදාළ ප්‍රදේශ සඳහා යොදවා ඇති බවද ඒ මහතා පැවසීය. යම් ආපදා තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුම්දීමට ඇත්නම් 117 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.