තැන තැන හමුවන කොවිඩ් පොකුරු..අවධානම යළිත් ඉහළට

covid19 infection antigen PCR passara
By Sewvandhi Oct 28, 2021 01:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බදුල්ල පස්සර, ගඩාදෙහිගොල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 38 දෙනෙකුට සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලදී පුද්ගලයින් 23 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.  (26) දිනයේ එම ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබුණි. පස්සර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. ජයකුමාර් මහතා පැවසුවේ පාසල් සිසුන් දෙදෙනකු ද ඒ අතර සිටින බවය.

අසාදිතයන් සියලුදෙනා නිව‍ස් තුළම ප්‍රතිකාර සඳහා යොමුකළ බවත් ආශ්‍රිතයන් නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම සෞඛ්‍ය අංශ පැවසුවේ ගතවූ දින 5ක කාලය තුළ අනුරාධපුරයෙන් කොවිඩ් ආසාදිත දරුවන් 20 දෙනෙකු හඳුනාගත් බවය.

ඒ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින්ය. අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥවරයා පැවසුවේ, එම අසාදිත දරුවන් වයස අවුරුදු 12ට අඩු අය බවය. කෙසේවෙතත් එම දරුවන් කිසිවෙකුත් පසුගිය දිනවල පාසල් ගොස් නොමැත.

අද දිනය තුළ මේ දක්වා කොවිඩ් නව ආසාදිතයින් 559 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  මේ අතර පාසල් සිසුන් එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ මේ දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 340,000කට අධික පිරිසකට එන්නත ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට අදාළව නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය 25වනදා නිකුත් කර තිබේ. එමෙන්ම ගුවන් තොටුපළ, ගුවන් සේවා සමාගම හා පුද්ගලික ආයතනයක් එක්වී පසුගිය සැප්තැම්බර් 23 වැනිදා ආරම්භ කර තාවකාලිකව නවත්වනු ලැබූ PCR පරීක්ෂණ මධ්‍යස්ථානයේ පරීක්ෂණ කටයුතු  (27) සිට යළි ආරම්භ කර ඇත.

මේ අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, "දෛනිකව වාර්තාවෙන රෝගීන් සංඛ්‍යාව, මරණ සංඛයාව අඩු වුණාට කොවිඩ් අවදානම අඩුවෙලා නෑ. දැන් අපි දකිනවා එන්නත්කරණය සාර්ථකව කරපු රටවලත් අවදානම මතුවෙලා තියෙනවා."  

මේ අතර , මෙරට තුළ සංචරණ සීමා ඉවත්කිරීමේ තත්ත්වය යටතේ තවත් කොරෝනා රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය පෙන්වාදෙන්නේ, තවත් කොවිඩ් රැල්ලක් ඇති වීම වැළැක්වීම සඳහා සීමාකිරීම් සහ නීති ක්‍රියාත්මක වන සන්දර්භය සලකා බැලීමේ දී මින් පෙර පැවති සෑම අවස්ථාවකට වඩා මෙම අවස්ථාවේදී නිශ්චිත පියවර ගනු ලැබීම ඉතා වැදගත් බවය.

නැවත කොවිඩ් රැල්ලක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිර්දේශ 4ක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් කර තිබේ. ඉතා හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමාකිරීම් දැඩි ලෙස බලකාත්මක කිරීම, ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම, එම නිර්දේශයන්වලට ඇතුළත්ය.

ඊට අමතරව අධි ව්‍යාප්තවීම් තත්ත්වයන් සහ සිදුවීම් සීමා කරමින් කටයුතු කිරීම සහ පර්යේෂණ සිදුකරමින් කොවිඩ් වැළඳී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් නිරන්තර අවධානයක් පවත්වා ගැනීම අදාළ නිර්දේශවලට ඇතුළත් කර තිබේ.  

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.