රිජ්වේ ආර්යා ළමා රෝහලේ නවතම තත්ත්වය මෙන්න...?

covid19 infections richgway hospital dr.G.Vijesooriya rajagiriya ayurwedik hospital
By Sewvandhi Aug 16, 2021 01:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව කෙරෝනාවෛරසය ආසාදනය වූ දරුවන් 20-25ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා ඇතුළු වන බවත් මේ වන විට රෝහල තුළ දරුවන් 150-200ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් පසුවන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

ඊයේ (අගෝස්තු 16) දිනයේ එම රෝහලේ පවතින කොවිඩ් ආසාදිත රෝගීන්ගේ වර්තමාන තත්ත්වය ගැන පැහැදිලි කරමින් රෝහල් අධ්‍යක්ෂකවරයා මෙසේ පැවසීය. ඒ අනුව, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා ආසාදිත දරුවන් සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල තුළ වාට්ටු 05ක් සහ රාජගිරිය ආයුර්වේද රෝහලේ මහලක් ද වෙන්කර ගෙන තිබෙන බව විජේසූරිය මහතා පැවැසීය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද පැවසීය.

''මේ වන විට ප්‍රතිකාර සේවා පුළුල් කරමින් සෙසු පළාත්වල ද වාට්ටු සංකීර්ණ විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. හම්බන්තොට රෝහලේ එවැනි වාට්ටුවක් ආරම්භ කළා. මේ වෙද්දී ඔක්සිජන් අවශ්‍යතාව යම්කිසි ආකාරයක උපරිමයකට පත්වී තිබෙනවා. පිළියමක් ලෙස රජය විසින් ඔක්සිජන් ආනයනය කරන්න කටයුතු යොදා තිබෙනවා. ඉදිරි සති දෙකකට අවශ්‍ය ආකාරයට ඔක්සිජන් ගබඩා කරන්න කටයුතු කරනවා. රෝගීන්ට බාධාවක් නොවන අයුරින් කටයුතු පවත්වාගෙන යනවා. ආසාදිතයින් හා මරණ අඩුකර ගැනීම සඳහා වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් එන්නත ලබා ගත යුතු වෙනවා.

ඊට පහසුකම් සලසා දී තිබෙන නිසා එන්නත ලබා ගන්න යැයි ඉල්ලා සිටිනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, ශ්වසන රෝග තියෙන අය අනිවාර්යයෙන් එන්නත ලබා ගත යුතුයි. කොවිඩ් මරණ විශ්ලේෂණයේදී මරණවලින් 95%ක් ම එන්නත ලබා ගෙන නැති අයයි. 70%කට වැඩි පිරිසක් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග,ශ්වසන රෝග වගේ රෝග තිබෙන අයයි. රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා ස්වයං විනයකින් මේ වෙලාවේ කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතුයි. රටේ පැය 24 ම ඇඳිරි නීතිය දමා මාස ගණන් වසා තබන්න හැකියාවක් නැති බව අපි පිළිගන්නවා. ඒ නිසා අනවශ්‍ය ඒකරාශී වීම් වළක්වා ගන්න හැකි නම් පවතින ව්‍යසන තත්ත්වයෙන් රට බේර ගන්න පුළුවන්.'' 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha