තමන් අතින් බිම වැටී කැඩුණු පෙම්වතාගේ හෙල්මටය වෙනුවට අලුත් හෙල්මටයක් අරන් දෙන්න මුදල් එකතු කරමින් සිටි තරුණියටවූ අහස පොළොව නුහුලන අපරාධය
තම පෙම්වතාට හෙල්මටයක් එකක් අරන් දීමට එකතු කරගත් රුපියල් 8000ක මුදලක් අතැතිව සිටි තරුණියක රවටා පැහැරගෙන ගොස් අතවර කර ඇය අත තිබූ මුදල් ද පැහැරගෙන පළා ගිය බව කියන තරුණයෙක් මාදම්පේ පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩිගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක් වන අතර අදාළ තරුණියගේ අතින් ඇයගේ පෙම්වතාගේ හෙල්මටය පසුගිය දිනෙක බිම වැටී කැඩී යාම නිසා අලුතින් හෙල්මටයක් ඔහුට අරන් දීමට ඇය තීරණය කර තිබෙනවා.
පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ පාසල් යන වයසේ පසුවන මෙම තරුණිය අත හෙල්මට් එකක් ගැනීමට තරම් මුදල් නොමැති බැවින් ඇය දන්නා කියන අයගෙන් ණයට මුදල් ඉල්ලා ගැනීමට තීරණය කර ඇති අතර, පසුගිය 18 වෙනිදා කරවිටාගාර සිට කාක්කපල්ලිය දක්වා මාර්ගය දිගේ ඇය දන්නා කියන අයගෙන් මුදල් ඉල්ලා එකතු කරමින් යන අතරතුර එම මාර්ගය අසල තැඹිලි විකුණමින් සිටි වෙළෙන්දකුගෙන් ද ඇය සිද්ධිය පවසා මුදල් ඉල්ලා තිබෙන බවයි.
තරුණිය තැඹිලි වෙළෙන්දාට සිද්ධිය පවසන අවස්ථාවේ මෙම සැකකාර තරුණයා එම ස්ථානයේ සිට තිබෙනවා.
ඔහු තරුණිය සමග කතාවට වැටි තව කොපමණ මුදලක් අඩු දැයි තරුණියගෙන් විමසා ඇති අතර එම මුදල තමාට ලබා දිය හැකි බව පවසා ඇති අතර, එම මුදල් ලබාදීම සඳහා තමා සමඟ පැමිණෙන ලෙස තරුණියට පවසා ඇති සැකකරු තරුණිය ද කැඳවාගෙන නැවත මැදගම පනිරෙන්ඩාව ප්‍රදේශයට ගොස් පනිරෙන්ඩාව ප්‍රදේශයේ ඇති පාළු නිවසකට රැගෙන ගොස් තරුණියව දූෂණය කර ඇතැයි පොලිසිය පවසනවා.
ඉන් පසු ඇය අත තිබූ රුපියල් 8000 ක මුදල ද පැහැරගෙන අදාළ සැකකරු පලාගොස් තිබෙනවා.
පසුව තරුණිය තම නිවසට ගොස් දෙමාපියන්ට සිද්ධිය පවසා ඔවුන් සමඟ මාදම්පේ පොලීසියට පැමිණ
පැමිණිල්ලක් කර ඇති අතර අදාළ තරුණිය හලාවත බස් නැවතුම්පොලට ගිය අවස්ථාවේදී සිද්ධියට අදාළ සැකකරු බස් නැවතුම්පපොලේ
සිටිනු දැක තරුණිය ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමෙන් පසු පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන
තිබෙනවා.