මෙහෙමත් හොරු අපරාද 16කට සම්බන්ධ පුදගලයෙක් පොලීසියට අහුවුණු මෙහෙයුම....

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Oct 01, 2023 10:32 AM GMT
Sithumi

Sithumi

Report

පොලිස් වසම් 9 ක අපරාධ 16 කට සම්බන්ධ පුද්ගලයකු අත්බෝම්බයක් සමග මාලබේ අරන්ගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් එම සැකකරුට කඩුවෙල, අලුත් කඩේ සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු හයක් නිකුත්කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළ අතර එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එලෙස සොරා ගෙන තිබූ රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක හතක් , මුදල් ඇතුළු උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු කුරුණෑගල රත්නපුර කැලණිය මිරිහාන මහරගම මාලබේ හොරණ ගල්කිස්ස හා කළුතර ඇතුළු පොලිස් වසම් වල මූල්‍ය ආයතන ,දන්ත ශල්‍යාගාර , ඇස් කන්නාඩි ආයතන ආදී බිඳ මුදල් සහ ලැප්ටොප් පරිගණක සොරා ගෙන තිබූ බව පොලිසිය පවසන අතර සොරා ගත් එම දේපල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට උකස් තබා තිබියදී පොලිසිය මඟින් සොයා ගැණුනා.

සැකකරු සොරාගත් මුදල් හා දේපළ උගස් කර ලබාගත් මුදල් කැසිනෝ ක්‍රීඩාවට මෙන් ම අයිස් මත්ද්‍රව්‍ය පානය සඳහා වැය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිස් නිළධාරියෙකු පැවසුවා 42 හැවිරිදි සැකකරු නිට්ටඹුව පින්නගොල්ල පදිංචිකරුවෙක් වන අතර සැකකරු කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වන්දනාකරුවන් රැගත් බසයකට ඇතෙකුගෙන් ප්‍රහාරයක්

වන්දනාකරුවන් රැගත් බසයකට ඇතෙකුගෙන් ප්‍රහාරයක්

ReeCha