වන්දනාකරුවන් රැගත් බසයකට ඇතෙකුගෙන් ප්‍රහාරයක්

Sri Lanka Elephant Accident
By Sewvandhi Oct 01, 2023 09:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වන්දනාකරුවන් රැගත් බස්රථයක්, අනුරාධපුර - තන්තිරිමලය ප්‍රධාන මාර්ගයේ මානිංගමුව - ඔයාමඩුව ප්‍රදේශයේදී ඇතෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබේ.

ඊයේ (30) රාත්‍රියේ සිදුවූ එම ප්‍රහාරයෙන් බස්රථයට දැඩි හානි සිදුව තිබෙනවා. මෙසේ ඇතාගේ ප්‍රහාරයට ලක්වූයේ මාතර සිට අනුරාධපුරයට වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් රැගත් බස් රථයකි.

මෙම දළ ඇතා ප්‍රදේශයේ ජීවිත රැසක් බිලිගෙන ඇති බවත් නිවාසවලට ද දැඩි හානි සිදුකර ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

එමෙන්ම මීට පෙරද මෙම ඇතා විසින් මාර්ගයේ ගමන් කරන වාහනවලට පහර දී ඇති බව ද ගම්වාසීහූ පවසති.

ඇතා සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අදාළ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට විසඳුම් නොලැබුණු බවට ද ගම්වාසීහූ චෝදනා කරති.  

ReeCha