බහින්බස්වීමක් දුරදිග යයි - සැමියා විසින් අමානුෂික ලෙස තම බිරිඳ ඝාතනය කරයි..
By krishani
දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සැමියාගේ පහරදීමෙන් කාන්තාවක් මියගොස් ඇත.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොස්වත්ත - කහටවිල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු මවක් ය.
ඝාතනය සම්බන්ධයෙන් 47 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය කාන්තාව මීට මාස 02 කට පෙර විදෙස්ගතව සිට පැමිණ ඇත.
ඇය දුරකථනයෙන් වෙනත් පිරිමි පුද්ගලයෙකු සමඟ කතාබහ කරන බවට ඇති වූ සැකය මත දෙදෙනා අතර අවස්ථා කිහිපයක දී බහින්බස් වීම් සිදුව ඇත.
කෙසේවෙතත් ඊයේ (23) රාත්‍රියේ දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමකින් සැමියා විසින් යකඩ පොල්ලකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |