පුද්ගලයෙක්ට මෝල් ගහෙන් පහර දී ඝාතනය කර වැසිකිළි වලටත් දාලා.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By krishani Aug 06, 2023 09:50 AM GMT
krishani

krishani

Report

පසුගිය 03 වන දා රාත්‍රී පුද්ගලයෙක් විසින් මෝල්ගසකින් පහර දී ඝාතනය කර එම මළසිරුර වැසිකිළි වළකට දමා ඇති පුවතක් සෙවණගල, නුගේගලයාය බටහිර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 53 හැවිරිදි නවරත්න දිසානායකගේ නිමල් කරුණාරත්න නමැති ගොවි මහතෙක් වන තිදරු පියෙක් ය.

සෙවණගල පොලිසිය විසින් සඳහන් කළේ, මෙම ඝාතනය සිදු කළ ඇත්තේ ඔහුගේ සහායකයා බවයි.

23 හැවිරිදි තරුණයෙකු වන අදාළ එම පුද්ගලයා ඔහුත් සමග  ගොවිතැන් කටයුතු කරන විට සහායට සිට ඇත.

ඔවුන් දෙදෙනාම මත් වතුර පානයට ඇබ්බැහි වී සිටි අය වන අතර මත් වතුර පානය කිරීමෙන් පසුව දෙදෙනා නිතර ආරවුල් ඇති කරගෙන තිබෙනවා.

පොලිසිය කළ ප්‍රශ්න කිරීම් වල දී එම තරුණයා සඳහන් කර ඇත්තේ දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෝල්ගසකින් පහරදීමක් කළ බැවින් ඔහු මියගිය බවයි.

ඉන්පසුව මළසිරුර වැසිකිළිවළට දමා සඟවා තිබෙනවා.

එම මළසිරුර ඇඹිලිපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් නිරෝෂන් ගමගේ ඉදිරිපිට දී ගොඩගත් අතර මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරිණ.

කෙසේ වෙතත්,පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ReeCha