පාසල් සිසුවෙකුගේ ගෙල කපයි - අතේ තිබ්බ බෑග් එකත් උදුරගෙන පලා ගිහින්.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Crime
By krishani
දුම්රිය මාර්ගයක් හරහා උපකාරක පන්තියකට ගමන් කරමින් සිටි පාසල් සිසුවකුගේ ගෙල කපා ඔහුගේ අතේ තිබූ බෑගය උදුරාගෙන පළා ගිය පුවතක් වාර්තා වේ.
පොලිසිය සඳහන් කළේ, මෙම දරුවා බස් රථයකින් මිරිගම බස් නැවතුම්පළට පැමිණි ඇති බවත් පසුව තවත් සිසුවකු සමග දුම්රිය මාර්ගය හරහා ගමන් කර ඇති බවත් ය.
එහිදී මෙම සිද්ධිය සිදුව තිබෙනවා.
කෙසේ වෙතත්, එයින් බරපතල තුවාල ලැබූ සිසුවා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
