අද තරඟය අතරේ මෙරට සුපිරි ක්‍රීඩකයෙක් බලන්න එන කුඩා දරුවා..සමාජ මධ්‍ය කැළඹූ සිදු වීම මෙන්න.(PHOTOS)

Cricket Sri Lanka Western Indian Angelo mathives
By Aruna Dec 03, 2021 02:40 AM GMT
Aruna

Aruna

Report

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණේ තරගය නැරඹීමට පැමිණි කුඩා ළමයෙකු ප්‍රදර්ශණය කළ පුවරුවක් වෙතයි.

කුඩා දරුවෙක් අත දරා සිටි සදහන්ව තිබුණේ තමා තරගය නැරඹීමට පැමිණියේ ඇන්ජෙලෝ මැතිව්ස්ව දැක බලා ගැනීමේ අරමුණින් බවයි.

මේ සම්බන්ධයෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ද අවධානය යොමුව තිබෙණු දක්නට ලැබුණා.

ඒ අනුව එම කුඩා ළමයාට ඇන්ජෙලෝ මැතිව්ස් ඉන්ස්ටග්රෑිම් ගිණුමේ සටහනක් තබමින් පෙරළා ප්රනතිචාර දැක් වීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

අදාළ සටහන තුළින් මැතිව්ස් විසින් එම ළමයාට අද දිනයේ දී තරගය නැරඹීමට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබූ අතර, එහිදී ඔහුව මුණ ගැසීමට ද තමා සූදානම් බවයි ඇන්ජෙලෝ මැතිව්ස් සදහන් කර තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery