කොරෝනා වාර්තාව දෙන තෙක් පුටුව කුඩයට

sinhalanews covdtest srilankanews mihirigama
By Gagana Nov 10, 2021 01:01 AM GMT
Gagana

Gagana

Report

රැපිඩි ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්වීමෙන්⁣ පසු කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වූ පිරිසක් සිය වාර්තාව ලැබෙන තුරු මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල මහ පාරේ වැස්සෙන් බේරීමට පුටුවලින් හිස ආවරණයක් සේ තබාගෙන සිටියහ.

පරීක්ෂණය අවසන් වූ විගස තම වාර්තාව ලබා දුන්නේ නම් මෙවැනි පීඩාවකට පත්වීමට සිදු නොවුණ ඇති බව පවසූ කොරෝනා ආසාදිත වූවෝ අදාළ වෛද්‍යවරයා ගේ වාර්තාව ලැබෙන තුරු පැය තුන හතරක් මෙසේ රැඳී සිටීමට සිදුවීම කනගාටුවට කරුණක් බව සඳහන් කළහ.

මෙය සම්බන්ධව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් රණසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ඒ මේ සම්බන්ධයෙන් තමන්ට ද දැනගන්නට ලැබුණු බවත් මින් ඉදිරියට එවැනි පීඩාවකට ලක්වීමට ඉඩ නොතැබීමට අවශ්‍ය පියවර ගත් බවයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha