ඔබ ජීවත්වන්නේ කොරෝනා අධි අවදානම් කලාපයකද? සිතියම මෙන්න

isolated WHO Covid19 quarantine delta variety
By Sithumi Aug 01, 2021 12:02 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට කොරෝනා ව්‍යාප්තිය සිදුවන අධි අවදානම් සහිත ප්‍රදේශ ඇතුළත් නවතම සිතියම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් නිකුත් කර තිබෙනවා .

ජුලි 24 වනදායින් අවසන්වූ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ රෝගීන් අනුව මෙම සිතියම නිකුත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය පවසයි.

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සහ පුද්ගල සංචරණයන් ඇතුළු කරුණු එම තත්ත්වයට හේතු වී ඇති බව ඔවුන් පෙන්වාදෙයි. පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය පද්ධති අඩපන වීමේ අවදානමක් පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසයි. මේ

අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තය හේතුවෙන් පසුගිය සතියේ තුළ පමණක් ලොව පුරා රටවලින් කොවිඩ් -19 ආසාදිතයින් මිලියන 04ක් පමණ වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටේඩ්රෝස් ගේබ්රියේසස් සඳහන් කරයි.

මේ හේතුවෙන් ලොව පුරා සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව නුදුරේදීම මිලියන 200 සීමාව පසු කරනු ඇති බව ඔහු පෙන්වා දී ඇත.

මේ වන විට මෙරටට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 308,839ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,441ක් වේ. ජුලි මාසයේ දින 30 තුළ පමණක් කොවිඩ් මරණ 1,321ක් සිදුව ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 30කට ආසන්න ප්‍රතිශතයක් බව වාර්තා වේ.

ඒ අනුව ගත වූ ජුලි මාසයේ දෛනිකව කොවිඩ් මරණ 44ක් පමණ සිදුව තිබේ. ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,177 දෙනෙකු හදුනාගත් අතර ඉන් 27 දෙනෙකු විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery