covid එන්නත ගැන අධ්‍යයන තුනකින් හෙළිවූ දේ

reserch Covid vaccsine
By Sithumi Oct 23, 2021 03:56 PM GMT
Sithumi

Sithumi

Report

එන්නත් වර්ග මිශ්‍රවීමෙන් වඩා ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනගන බව නව අධ්‍යයන 3කින් හෙළිවී තිබේ. ප්‍රංශය, ඩෙන්මාර්කය සහ ස්වීඩනයේ සිදුකළ කොවිඩ් මර්දන එන්නත් මිශ්‍රකරණය සම්බන්ධයෙන් නව අධ්‍යයන 3ක් මේ වනවිට එළිදක්වා ඇත.

එහිදී අනාවරණ වී ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමග MRNA එන්නත් වන ෆයිසර් හෝ මොඩර්නා යන එන්නත් මිශ්‍ර කිරීමෙන් වඩා ඉහළ ප්‍රතිශක්තියක් ලැබෙන බවය. මේ අතර ලෝකයේ සෙසු රටවල පැතිරයන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ශ්‍රී ලංකාවේද පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

ඔවුන් පෙන්වා දෙන්නේ ධීවර හෝ නාවුක ප්‍රජාව හරහා මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරට පැතිරයෑමේ අවදානමක් ඇති බවය. ඒ හේතුවෙන් සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ, ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම වැදගත් බවය. මේ අතර පළාත් ඇතුළත දුම්රිය ධාවනය ලබන සඳුදා සිට ආරම්භ කෙරේ.

එදිනට දුම්රිය 133ක් ධාවනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. "මාසික දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිතා කරන දුම්රිය මගීන් සඳහා පමණක් අපි සේවය ලබා දෙනවා. කොළඹට පැමිණෙන දුම්රිය අලුත්ගම, අවිස්සාවේල්ල, අඹේපුස්ස සහ කොච්චිකඩේ සිට පමණක් ධාවනය වෙනවා."

මේ අතර මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ අවුරුදු 16 හා 17 වයස් කාණ්ඩවල සිසු සිසුවියන්ටත් ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඊයේ ආරම්භ කෙරුණි. ඒ අනුව පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ අධීක්ෂණය යටතේ එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ අදාළ පාසල් තුළදීය.

අවුරුදු 16 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ සිසුන්ට පාසල්වලදී මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී ද එන්නත ලබාගැනීමට අද අවස්ථාව සලසා තිබුණි. කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 18 තුළම අද උදෑසන 9 සිට දහවල් 1 දක්වා එම එන්නත්කරණය සිදුකෙරුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now