මාස 6 දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන රට..

By Sithumi Jun 18, 2022 12:10 PM GMT
Sithumi

Sithumi

Report

ඇමෙරිකාවේ ආහාර සහා ඖෂධ නියාමන අධිකාරිය විසින් කුඩා දරුවන් අතර කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සදහා මාස 6න් ඉහළ දරුවන් වෙත කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව මාස හයේ සිට අවුරුදු පහ දක්වා ළමුන් සඳහා මොඩර්නා මාත්‍රා දෙකේ එන්නත සහ මාස හයේ සිට අවුරුදු හතර දක්වා ළමුන් සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා තුනක් ලබා දීමට අනුමැතිය ලැබී තිබෙනවා. මෙලෙස එන්නත් ලබා දීමෙන් කුඩා දරුවන් අතර කොවිඩ්-19 වැළදී රෝහල්ගතවීම සහ මරණයට පත් වීම වැනි දරුණුතම ප්‍රතිඵලවලින් ආරක්ෂා කරගැනීමට හැකි වනු ඇති බවයි ඔවුන් පේනවා දෙන්නේ. 

 ඇමෙරිකානු ඖෂධ සහ ආහාර ඒජන්සිය විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් මොඩර්නා සහ ෆයිසර් එන්නත් මිලියනයක් වහාම රට පුරා බෙදා හැරීමට නිදහස් කර තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන් බලාපොරොත්තු වන්නේ ඉදිරි සති කිහිපය තුළදී තවත් එන්නත් මිලියන ගණනක් රටපුරා බෙදා හැරීමටයි. මෙම එන්නත් ද්විත්වයම කුඩා දරුවන් දහසකට අධික සංඛ්‍යාවක් හරහා පරීක්ෂණ සිදුකර වාර්තා ලබාගෙන තිබෙනවා.

මෙම පරීක්ෂණවල දී අදාළ එන්නත් කරනය හරහා ශරීරය තුළ කොවිඩ් වෛරස ප්‍රතිදේහ වැඩිමහලු පුද්ගලයන් හා සමානවම නිපදවෙන බවයි සොයාගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now