18 ත් 30 ත් අතර අයට කොවිඩ් එන්නත ලැබෙන්නෙ මෙහෙමයි...හමුදාපතිගෙන් දැනුම් දීමක්.
Shavendra Silva
Sri Lanka
Covid vaccines
By Aruna
වයස අවුරුදු 18 ත් 30 ත් අතර වයස් සීමාවල පසුවන පුද්ගලයින් සදහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම ඔක්තෝම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මේ වනවිට වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවද යුද හමුදාපතිවරයා සදහන් කළා.
මේ වනවිට මෙරට පුද්ගලයින් එක් කෝටි දහඅට ලක්‍ෂ 79,000 කට අධික පිරිසකට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.
ඉන් දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 466,266 ක්. වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සියලු දෙනාට සැප්තැම්බර් මස අග වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |