එන්නත් වර්ග 6ක් ගැන දැනුම් දීමක්..ලංකාවේ 04 කට ලැබුණු තීරණය මෙන්න.

Sri Lanka Astrosenika Covid vaccines
By Aruna Oct 10, 2021 03:34 AM GMT
Aruna

Aruna

Report

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවසර ලබාදී ඇති කොවිඩ් මර්ධන එන්නත් වර්ග ලබාගෙන සිටින පුද්ගලයින්ට අමෙරිකාවට පැමිණීමට අවසර ලබාදීමට තීරණය කර ඇති බව එරට රෝග නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ කොවිඩ් එන්නත් වර්ග 06කට මෙලෙස අමෙරිකාවට ඇතුල්වීමේ නිර්ණායකය හිමිව ඇති බවයි අමෙරිකාවේ රෝග නිවාරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ භාවිතයට ගනු ලබන කොවිඩ් එන්නත් වර්ග වලින් 04කට පමණක් අමෙරිකාවේ සංචාරය කිරීමේ අවසරය හිමිවනු ඇති.

ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා, ෆයිසර් සහ සිනොෆ්‍රෑම් එක්සත් ජනපදයට යන විට අනුමත කරන ලද එන්නත් අතර වේ.

රුසියාවේ ස්පුට්නික් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති හෙයින් එය තවමත් අනුමත කර නොමැත.

කෙසේ වෙතත්, මෙම එන්නත හදිසි භාවිතා කිරීම සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසර ලබා දෙනු ඇතැයි රුසියානු බලධාරීන් බලාපොරොත්තුවෙන් සිටියි.

මේ වන විටත් ලංකාවේ 160,000 කට ආසන්න පිරිසකට ස්පුට්නික් එන්නත ලබා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now