මෙරට විදින එන්නත් ගැන අලුත්ම අනාවරණයක්..
මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයන් ගණන එක් කෝටි දහනව ලක්ෂ 32,934 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 53,083 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබාදීමත් සමඟයි.
ඊයේ දිනය තුළ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට පුද්ගලයින් 48,764 ක්.
ඒ අනුව මේ දක්වා පුද්ගලයින් අනූ හතර ලක්ෂ 55,968 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.
මේ අතර ඊයේ දිනයේදී ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 4,235 දෙනෙකුටත්, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 84 දෙනෙකුටත් ලබාදී තිබෙනවා.
මේ වන විට මෙරට භාවිතයට ගැනෙන කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන හතලිස් අට ලක්ෂ 48,471 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් දෙලක්ෂ 32,205 දෙනෙකුට කොවිඩ් මර්දන දෙවන එන්නත ලබාදී තිබෙනවා.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් දෙලක්ෂ 26,516 දෙනෙකුටත්, ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව 4,863 දෙනෙකුටත් ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 826 දෙනෙකුට ඊයේ දිනය තුළ ලබාදි ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |