එන්නත් ගැන මෙරට ජනතාවට තවත් සුබ ආරංචියක්..
තවත් ෆයිසර් කොරෝනා මර්දන එන්නත් තොගයක් අද දිනයේ දිවයිනට ලැබී තිබෙනවා.
මේ අතර මෙරටින් වාර්තාවන ඩෙල්ටා ආසාදිතයන් 68 දෙනාට වඩා වැඩි පිරිසක් සමාජය තුළ සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
ඒ හේතුවෙන් නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් රට තුළ හතරවන කොරෝනා රැල්ලක් ආරම්භ විය හැකි බවයි ඔහු කියා සිටියේ.
අම්බලන්ගොඩ - වතුගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක සාමණේර හිමිවරුන් සිව්නමකට කොරෝනා ආසාදනය වී ඇති බව අහුන්ගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා.
ඒ හේතුවෙන් විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේ නිරෝධායනයට ලක් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් පවතින තුන්වන රැල්ල පාලනය කිරීම සඳහා සියලුදෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු නොකළහොත් තවත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
