රටේ ආර්ථිකයට දැවැන්ත පහරක් ගැසූ වීදි සුනඛ ප්‍රශ්නයට අලුත් පනතින් ස්ථිර විසඳුමක්
මෙරට සිදුවන මාර්ග අනතුරුවලින් සියයට 30ක් සුනඛයින් හේතුවෙන් සිදුවන බව මානසික ක්‍රම මගින් සත්ව ගහන කළමනාකරණය කිරීම් සඳහා වූ පශුවෛද්‍ය එකමුතුවේ නිර්මාතෘ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා සදහන් කර තිබේ.
තවද සුනඛයන් සපා කෑම නිසා ජලභීතිකා එන්නත් ලබාදීම වෙනුවෙන් පමණක් වසරකට රුපියල් බිලියනයක පමණ විශාල මුදලක් වැයවන බව ද ඒ මහතා සඳහන් කර සිටී.
මෙම තත්ත්වය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නානායක්කාර මහතා සදහන් කර තිබේ .
මිනිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාදාමයන් සහ සමාජ වගකීම පිළිබඳ අදහසක් නොමැතිකම නිසා මෙලෙස විදි සතුන් බිහිවන බවද වෛද්‍ය චමිත් නානායක්කාර මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ.
මෙම ගැටලුව සඳහා යෝජිත නව පනත මගින් ස්ථිර විසඳුමක් ලැබෙන බව පෙන්වා දුන් වෛද්‍යවරයා, ඒ යටතේ අයිතිකරුවෙකු සිටින සෑම සුනඛයෙකුම අදාළ ප්‍රාදේශීය සභාව තුළ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බව සඳහන් කර ඇත .
තවද අයිතිකරුවෙකු හෝ බලාගැනීමට කෙනෙකු නොමැතිව වීදිවල වෙසෙන සුනඛයන්ගේ සම්පූර්ණ වගකීම ප්‍රාදේශීය සභාව මගින් භාරගත යුතු බවට මෙම පනත මගින් යෝජනා කර තිබේ .
ඉන්ධන මිල ගැන සප්තැම්බර් අගදී තීරණාත්මක පියවරක් - බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් විශේෂ හෙළිදරව්වක්
ඒ වගේම එකී සතුන්ගේ එන්නත්කරණය සහ වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් රජය වගකීම දරන බැවින්, පාරේ සිටින කිසිදු සුනඛයෙකු අනාථ තත්ත්වයට පත් නොවන බවත් මෙය ඉතා යහපත් සංකල්පයක් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා සදහන් කළේ මෙවන් අදහසක්
"දැන් එක පැත්තකින් සුනඛයෙක් සපා කෑවට පස්සේ එන්නත් කරන්න අවුරුද්දකට යනවා රුපියල් බිලියනයක්. රටේ සල්ලි. අනිත් පැත්තෙන් රිය අනතුරුවලින් 30%ක්. මේක රටේ ආර්ථිකයට කොච්චර බලපානවද. එතකොට මේ සත්තු පාරෙ ඉන්නේ සත්තුන්ගේ කැමැත්තෙන්ද? නැහැ. මිනිස්සුන්ගේ වගකීමක් නැති ක්‍රියාදාමය නිසා, සමාජ වගකීම ගැන අදහසක් නැතිකමින් මිනිස්සු පාරට ගෙනත් දාන සත්තු තමයි මේ පාරේ වර්ධනය වෙලා ඉන්නේ. එතකොට පාරට වැටිච්ච සත්තු ටිකට තමන්ගේ තියෙන කසල ටික හරියට කළමනාකරණය කරන්නේ නැතුව පාරට විසි කරන හින්දා මේ සත්තු වැඩි වැඩියෙන් බෝ වෙලා තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ. කොහොමද මේ පනත ඇතුලේ මේ ස්ථිර විසඳුම ගේන්නේ? මේකේ ප්‍රධාන විදිහට කියනවා අයිතිකාරයෙක් ඉන්න සුනඛයෙක් අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය සභාව තුළ තමන්ගේ සතා ලියාපදිංචි කරන්න ඕනේ. පළවෙනි කාරණය. එතකොට පාරේ ඉන්න සත්තුන්ට මොනවාද කරන්නේ? අයිතිකාරයෙකුත් නැහැ, බලාගන්න කෙනෙකුත් නැහැ. එතකොට අපි මොකද කරන්නේ? ඒ සත්තුන්ගේ වගකීම ප්‍රාදේශීය සභාව ගත යුතුයි කියන එක මේ පනත ඇතුලේ පැහැදිලිව කතා කරලා තියෙනවා. එතකොට මේ පාරේ ඉන්න කිසිම සතෙක්, මේ ඉන්න කිසිම සුනඛයෙක් අනාථ වෙන්නේ නැහැ. මොකද ඒ සතාගේ එන්නත්කරණය, ඒ වගේම ඒ සතාගේ වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් මේ රජය වග කියනවා. ඒක මේ ඉතාම හොඳ සංකල්පයක්."